නිත්‍යානුකුල නොවන වංචනික ආකාරයෙන් රට රැකියාවලට යන අයවලුන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත්, ඒ පිළිබඳව ආරම්භයේ සිට සොයා බලා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (13) විශේෂ මාධ්‍ය හමුවක් දී ප්‍රකාශ කළේය.
ගමන් වාර 396 කින් කෙටි දුර ධාවනය වන දුම්රිය ගමන්වාර 30 ක් අවලංගු කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය යනු කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතින බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
සීතාවක අවිස්සාවේල්ල නවතම සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමේ අරමුණින් සීතාවකට ඔඩිසි නව දුම්රියක් ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන අතර සෑම ඉරිදා දිනකම පෙරවරු 7.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන මෙම දුම්රියේ ගමන් කිරීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙම මස 29 දා සිට අවස්ථාව හිමිවනු ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.