බිදවැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට සහ ඉදිරි වසර කිහිපයේ දී ආර්ථික වර්ධනයක් සහිතව පොදු ජනතාවට වඩා ගැළපෙන ආර්ථික ක්‍රියාවලියක් මෙවර අයවැයෙන් හඳුන්වා දී ඇතැයි නියෝජ්‍ය කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පැවසීය.
ආයතන ප්රතිව්යුහගතකිරීමයනු ආයතන පුද්ගලික අංශයට විකිණිම නොව රජය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ ලෙස ආයතන මෙහෙයවීම බවත්, බොහෝවිට රජය හා පෞද්ගලික අංශය හවුල්කාරී ලෙස ව්‍යාපාර කිරීම බවත්, කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා පවසයි.
2023 මාර්තු මස සිට රජයේ බොහොමයක් ගෙවීම් ඩිජිටල් පද්ධති මගින් සිදු කිරීමට කටයුතු කරන බවත් ඉන් කාලය ඉතිරි කරගෙන වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දිය හැකි බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ විවාදයේ සය වැනි දිනයට යෙදෙන විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.