දකුණු-මධ්‍යම බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, උතුරු අක්ෂාංශ 10.0 සහ නැගෙනහිර දේශාංශ 85.5 ආශ්‍රිතව, යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
“යොවුන් පාර්ලිමේන්තුවට නාමයෝජනා බාර ගද්දි වැඩක් කරපු, වැඩක් කරන, අදහස්,යෝජනා තියෙන, දැක්මක් සහිත තරුණ අයට අවස්ථාව දෙන්න. එක එක පිරිස එකතු වෙලා නාමයෝජනා දෙන පලියටම ඒවා ගන්න එපා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අයටත් ආදර්ශයක් වෙන ක්‍රමයකට නාමයෝජනා බාරගන්න. ඒක ඉදිරියේ ජාතික දේශපාලනයටත් වැදගත් වේවි.” යනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභා වල සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරන ලද නව සාමාජික මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් (19) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.
ලබන මාසයේදී ජාතික භෞතික නිර්මාණ සභාවට ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කිරීමට සූදානම්