මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ගුණාත්මකව ඉහළ නැංවීම යටතේ ප්‍රාදේශීය රෝහල්හි භෞතික සම්පත් ප්‍රවර්ධනය කරමින් ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ග්‍රාමීය ජනතාවට ලබාදීම ඉලක්ක කර ගනිමින් අති නවීන ගිලන් රථ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මැදවල හා හතරලියද්ද ප්‍රාදේශීය රෝහල් කරා බෙදාදීම පසුගිය (19) සිදු කෙරිණි.

    එලැඹෙන 2024න් පසුව දැනට තිබෙන විද්‍යාපීඨ 19 එක් විශ්වවිද්‍යාලයයක් බවට පත් කර එහි පීඨ සකස් කිරීමට කටයුතු කරන බවත්,ඒ අනුව අධ්‍යාපනයටම යොමුවන උපාධිධාරීන් මෙම විශ්වවිද්‍යාලයය මගින් බිහි කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

     

     

    ඉකුත් 2018-19 වර්ෂවල සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන්ට දීප ව්‍යාප්ත විභාගයක් පවත්වා ගුරු
    සේවා ව්‍යවස්ථාව අනුව ගුරු තුලනය කර ගැනීම මගින් ගුරු සේවයට බඳවා ගැනිමට කටයුතු කරන බවත්, එම
    කටයුතු ලබන වසරේ පළමු කාර්තුව අවසන් වන විට සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන
    අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය
    සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීම
    සම්බන්ධයෙන් පැහැදිළි කරමිනි.

    මෙසේ ගුරු පත්වීම් ලබාදෙන පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදය සම්බන්ධ පශ්චාත් උපාධි
    ඩිප්ලෝමාව වසර 03ක් ඇතුලත සම්පුර්ණ කිරීමට ලබාදෙන බවත්, එසේ ලබාගැනීමෙන් පසුව සිය තනතුරේ ස්ථිර
    වීමට ඔවුන්ට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව සංවර්ධන නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීමෙන් ගුරු සේවයට 23 000ක පමණ පිරිසක් බඳවා ගැනීමට
    නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

     

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන පරිපාපුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා විභාග පවත්වා කඩිනමින් ප්‍රතිඵල ලන සේවය, අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය හා ගුරු උපදේශක සේවය තිබෙන ලබාදීමටත් දැකට පවත්වා ඇති විභාගවල ප්‍රතිඵල ඉක්මනින් ලබාදීමටත් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya