ජල සම්පාදනයේදී පිරිවැයට සරිලන ආකාරයෙන් ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් විසින් ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යෝජනා කරන ලදී.
ඩුබායිහි විදේශ රැකියා සදහා කාන්තාවන් පිටත් කර යවා, නීති විරෝධී ලෙස එම කාන්තාවන් ඕමාන් බලා රැගෙන ගිය පුද්ගලයෙක් (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතුහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් , විදේශ කටයුතු අමාත්‍යජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් (18) අධිකරණඅමාත්‍යාංශයේදී පැවැත්විණි.
පසුගිය කාලයේ ධීවරයන්ට ඉන්ධන ලබාගැනීමේ ගැටලුවක් මතුවී තිබුණු නමුත් මේ වන විට එය සමතයකට පත් වී තිබෙන බවත්, අද වන විට ධීවරයන්ට අවශ්‍ය භූමිතෙල් සහ ඩීසල් ලබාදෙන්නේ කෝටාවකට නොව ධීවරයන්ගේ සම්පූර්ණ අවශ්‍යතාව සැපිරෙන පරිදි බවත්, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස් .ජේ. කහවත්ත මහතා පවසයි.