මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමත්,චීන රජය සමග ණය ප්‍රතිව්‍යහගත කිරීම සම්බන්ධයෙන් පැවැත් වෙන සාකච්ඡා අතර කිසිදු සම්බන්ධයක් නැතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් රාජ්‍ය සේවකයින් 26,000ක් එළඹෙන ජනවාරි මස සිට ගුරු සේවයට ඒක් කර ගැනීම සඳහා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අලි මිනිස් ගැටුම විසඳීමට නිෂ්චිත වැඩපිළිවෙළක් සකස් කර ගැටුම අවම කර ගැනීමේ වැඩපිළිවෙළකට රජයේ අවධානය යොමු කර ඇතැයි වනසංරක්ෂණ සහ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය කාලය තුළ ඇතිවූ ආර්ථික අර්බුදය නිසා මෙරටට ආනයනයන් සීමා වීමත් , ආනයන ආදේශන නිෂ්පාදන වැඩිවීමත් නිසා දේශීය නිෂ්පාදකයන් රැසක් බිහිවීම රටේ ආර්ථිකය වෙනුවෙන් හොද ප්‍රවනතාවයක් බවත් , ඔවුන්ව ආරක්ෂා කිරීමට රජයක් ලෙස උපරිමව කටයුතු කරන බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.