රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද (04) නිවේදනය කළේය.
නිදහසෙන් පසු ගෙවුණු කාලය තුළ පැවති සියළු රජයන් අධ්‍යාපන , සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය , සමාජ යටිතල පහසුකම් සංවර්ධනය ආදි ක්ෂේත්‍ර වෙනුවෙන් රාජ්‍ය ආයෝජනය විශාල පරිමාණයෙන් සිදුකොට ඇතත් කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් සිදුකළ ආයෝජනය ඉතා අඩු බවත්, හැත්තෑහතේ ආගමනය වූ විවෘත ආර්ථිකය මත එතෙක් රටතුළ ප්‍රවර්ධනය වෙමින් පැවති දේශීය කර්මාන්ත අපගමනයට ලක්වූ බවත් , එනිසා එම තත්වයනුත් අද පවතින ආර්ථික අර්බුදයට හේතු කාරක වන බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ගංවතුරෙන් යටවූ ජනතාව වෙනුවෙන් පූර්ව ආපදාකළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් අවශ්‍ය යැයි වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
2022 නොවැම්බර් 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රජය සතු ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 05ක මිල අඩු කළ බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.