මෙම සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.
ශ්‍රී ලංකාව ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මෙරට බලධාරීන් හා ණය හිමි රටවල් අතර අද (නොවැම්බර් 03) පැවැත්වේ.
විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියේදී විවධ සීමාවන් පැනවීම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති 2021 අංක 18 දරණ චක්‍රලේඛය මඟින් සිදුව ඇත.