2022 ඔක්තෝබර් මස 24 සඳුදා දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 2022 ඔක්තෝබර් මස 25 වන අඟහරුවාදා නිවාඩු ලබාදිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය සදහා වූ ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන)
(සංශෝධන) පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ නිවේදනය කළේය.
මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති භාෂණයේ නිදහස නැති කිරීමට ඇතැම් මාධ්‍ය යකණ්ඩායම් උත්සාහ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රැකියා සඳහා විදේශ ගතවන වයස අවුරුදු 45ට අඩු කාන්තාවන් සඳහා තම බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව අනිවාර්ය බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි