ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීමට සහය වෙමින්, මෙම දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකු සමූහයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ණයහිමියන් ද සහතික වූ බව, අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
22 වන සංශෝධනයෙන් නොනැවතී, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගැන කටයුතු කරන්නැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරුව පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙයි.