දේශීය මෙන්ම විදේශීය රැකියා ඉල්ලුම සදහා වෘත්තීය දැනුමෙන් හා ජීවන කුසළතා තුළින් සවිබල ගැන්වූ තරුණ තරුණියන් පුහුණු කිරීම සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ වැඩසටහන්වලින් කොටසක් ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික යෞවන් සේනාංකය වෙත 2022 වර්ෂයේ අතුරු අය වැයෙන් රුපියල් මිලියන 90 ක මුදලක් වෙන් කර දී ඇත.
කොන්දෙසි යටතේ රට වෙනුවෙන් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
මෙවර අයවැයට පෙර සියලු රජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ලැබීමට සැළැස්විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.