ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවට ජනතා අදහස් ලබා ගැනීමට ඩිජිටල් වේදිකාවක් සකස් කරන බව කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා ( ඊයේ13) ප්‍රකාශ කළේය.
ග්ලූකෝමාව, දියවැඩියාව වැනි රෝග මිනිසුන් අන්ධභාවයට පත් කරන අතර මෙහි ඇති ඛේදනීය තත්ත්වය වී ඇත්තේ ප්‍රතිකාර සඳහා පැමිණෙන විට නොදැනීම රෝගියා අන්ධභාවයට පත්ව සිටීමයි. ඇසේ සුද ඇතිවීම නිසා ඇතිවන අන්ධභාවය සැත්කමක් මගින් සුව කළ හැක. නමුත් දියවැඩියාව සහ ග්ලූකොමා නිසා සිදුවන අන්ධභාවය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැක.
2021 මහ කන්නයේ දී කාබනික පොහොර යයි හඳුන්වමින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් වැව් පස්, දහයියා පුළුස්සන ලද අළු, ටයර් දමා පුළුස්සා කළු පාට කරන ලද පස් ගොවීන්ට නිකුත් කළ බව ජාතික ගොවි සමුළුව පැවසීය.
මෙරට දියර කිරි නිෂ්පාදනය දෛනිකව කිරි ලීටර ලක්ෂයකින් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් මෙරට ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) මගින් පශු සම්පත් කේෂ්ත්‍රය පිළිබදව දිවයින පුරා සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණ ඇතුළත් ප්‍රතිපත්ති වාර්තාව (13) දින රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා වෙත පිළිගැන්වීම, SAPP ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය අතින් සිදු විය.