විදේශ රැකියා සඳහා යාමට අවශ්‍ය වන පොලිස් නිශ්කාශන වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පරිගණක 10ක් පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බොරතෙල් නැවෙහි තෙල් ගොඩබෑමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවන බවත්, එම බොරතෙල් පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ මෙරට ධීවර ප්‍රජාවට අවශ්‍ය භූමිතෙල් ඇතුළු ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බවත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසාවෙන් ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් ඉදිවන "මාලපල්ල" මහල් නිවාස ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය