දීර්ඝකාලීන වූ උපදේශන ක්‍රියාවලියක් යටතේ රජය මෙන්ම රාජ්‍ය නොවන හා සත්ත්ව සුභසාධන කණ්ඩායම් වලද සහයෝගය ඇතිව යෝජිත සත්ත්ව සුභසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ අවධානයක් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවති කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානයට යොමු විණි.
මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම පිළිබඳව පසුගියදා (08) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.
ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීම හා එම ප්‍රජාවට පවතින නීතිමය ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීමට ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නියෝජිතයින් හා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රමව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් (15) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය (15) පෙරවරුවේ සටහන් කළේය.