ඉදිරියේදී ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට මහ කන්නය සඳහා යූරියා මලු 3,65,000ක් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කරයි.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට අයත් ආයතන ප්‍රධානීන් හා විෂයේ ප්‍රාමාණික විද්වතුන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් අනුව, පවතින ඉන්ධන අර්බුදයට පිළියම් වශයෙන් හඳුනා ගැණුනු ප්‍රවාහන වැඩපිළිවෙල අද (15) සිට ක්‍රියාත්මක කරන ලදී.
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය තුළ වැඩිවන අනතුරුවලට කෙලෙස ප්‍රතිචාර දුක්විය යුතුද යන්න පැහැදිලි කරමින් අනතුරු නිවාරණයේ කේන්ද්‍රීය ස්ථානය වශයෙන් සළකන සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන ඒකකය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම අනතුරු සම්බන්ධයෙන් කටයුතු කරන වෙනත් පාර්ශවද එක්ව දියත් කළ වසර කිහිපයක උත්සාහයක් ලෙස මෙම වසරේ අප්‍රේල් 26 වනදා ජාතික සැලැස්මක් ලෙස අනතුරු නිවාරණය සහ කළමනාකරණය පිළිබද ජාතික සැලැස්ම එළිදැක්වූ බව බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසීය.