වර්තමානයේ ඉන්ධන හිඟය හමුවේ ප්‍රවාහන ගාස්තු හා ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා මෙරට සියලුම මඟීන්ට සිදුවන පිඩා අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව පසුගිය සති දෙකක කාලය තුළ ප්‍රවාහන අමාත්‍යංශයට සම්බන්ධ සියලු ඉහළ නිළධාරීන් සමඟ සාකච්ඡා කරන ලදුව එම විශේෂ ක්‍රියාමාර්ග මෙම මස 15 වන දින සිට ක්‍රියාවට නැංවෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පාසල් බස් රථ සේවය පුළුල් කරමින් නව පාසල් බස් රථ සේවා 20ක් නව කාල සටහනකට අනුව ජූනි 15 දින සිට පාසල් බස් රථ සේවයට එක් වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
රාජ්‍ය මාධ්‍ය ආයතන වලට නව ප්‍රධානින් පත්කෙරේ.