ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 04.00 ට පැවැත්වේ.මේ ජාතික රණවිරු සැමරුම් උත්සවය
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ නැගෙනහිර පළාත්වලත් සහ ගාල්ල, මාතර, කුරුණෑගල, පොලොන්නරුව සහමුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
නිවේදනය කරයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (18) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගන්වනු ලැබීය.