තිස් වසරක් පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරුවේ, බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැගෙනහිර පළාතට යළි පැමිණ සිටින ජනතාවට සහ එම පළාතේ පදිංචි ජනතාවට පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ ජංගම සේවාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මැයි මස 26 සහ 27 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් පැවැත්වීමට පියවර ගෙන ඇතිබව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
ලබන වසරේ දී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙක ම එක ම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යයන කටයුතු ක‍්‍රමානුකූල ව සාමාන්‍ය තත්වයට ගෙන එමින් විභාග කාලසටහන යාවත්කාලීන කරන බවත් විද්‍යාපීඨ ගුරුවරුන් 7800කට ජූනි 15 දින නව පත්වීම් ලබා දෙමින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘතියෙහි මෙරට අධ්‍යක්ෂ Myungin Kim මිය සහ එම ව්‍යාපෘතියෙහි නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.