එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ආර්ථික අපහසුතාවයට පත් ධීවරයන්ට වන්දි මුදල් ලබාදීම කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සහ ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රට මුහුදු තීරයේදී ගිනිගෙන විනාශයට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් ආර්ථික අපහසුතාවයට පත් ධීවර ප්‍රජාවට වන්දි මුදල් ලබාදීමේ අවස්ථාවට ඊයේ (17) එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව සිදු කරනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. විවිධ දේශපාලන නියෝජිතයන් විසින් සිදු කෙරෙන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන, නිපුණතා සංවර්ධන සහ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (17) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වැව් පහක් (05 ) ගොවි සංවිධාන වෙත භාරදීම , කෘෂිකර්ම රාජ්‍ය (පශු සම්පත් සංවර්ධන) අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) සිදුකෙරිණ.