සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
වෙළඳපොලට නිකුත් කරන පොල් තෙල් රසායනාගාර පරීක්ෂාවන්ට ලක්කර ප්‍රමිතියෙන් යුත් පොල් තෙල් සදහා ඒ බව සනාථ ලේබලයක් ඇලවීමට ඉදිරියේදී කටයුතු කරන බව පොල් සංවර්ධන අධිකාරියෙහි සභාපති එච්.කේ.උදය රූපසිංහ මහතා පැවසීය.
සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
සුවසැරිය ගිලන් රථ සේවය යටතේ තවත් ගිලන් රථ 42 ක් පසුගියදා මධ්‍යම පළාත වෙනුවෙන් බෙදා දීම සිදු විය. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව සිදු කෙරුණි. මෙම කෙටි ලිපිය ඒ වෙනුවෙනි.