ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය කළ යුත්තේ තම තමන්ගේ පෞද්ගලික අරමුණු අනුව නොව රටේ අනාගතය වෙනුවෙන් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කාන්තා දිනය නිමිත්තතෙන් "සුහුරු කතක් සොඳුරු ලොවක් " යන්න තේමා කර ගනිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන පා ගමනක් අද (8) පෙරවරු 8.00ට පැවැත්වේ.
වර්තමාන කාන්තා පරපුර ගෙදර දොර වැඩකටයුතු වලටත් වඩා ඉදිරියට ගිය යුගයක් කෙරෙහි යොමු වී සිටින බව කාන්තා , ළමා සංවර්ධන හා වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පැවසුවාය.
සමාජය විසින් පවරන ලද මේ සම්ප්‍රදායික භූමිකා අභිභවා බොහෝ උස් ස්ථාන කරා කාන්තාවට ගමන් කළ හැකි බව නුතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.