ව්‍යවසායට මුල්තැන දෙමින් සමාජ සවිබලගැන්වීම හා නැති බැරි අය ආරක්ෂණය කරන අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බවත් මූල්‍ය විනය ආරක්ෂා කර ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
අන්තර් ජාතික පාපැදි සම්වම්ලනයට අනුබද්ධිත කොරියානු පාපැදි පුහුණු මධ්‍යස්ථනයේ දී අද (11 වන) දින සිට ලබන 07 වන දින දක්වා පැවැත්වෙන කණිෂ්ඨ කාන්තා පාපැදි පුහුණු වැඩමුළුව සදහා ශ්‍රී ලංකා කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියෙන් සිටින කොටහේන ශාන්ත එඬේරාගේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාව වන ඈන් ශෙනාලි පෙරේරා සහ අනුරාධපුර නිවතක චේතිය විද්‍යාලයේ තිළිණි ප්‍රවීනා සපරමාදු යන ක්‍රීඩිකාවන් දෙදෙනා සහ පුහුණුකාරිණිය ලෙස යුද්ධ හමුදා කාන්තා පාපැදි සංචිතවේ පුහුණුකාරිණිය ලසන්ති ක්‍රිෂ්ණා කොරියාව බලා පිටත් විය.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වනු ලබන මහනුවර කාන්තා දින සැමරුම් උළෙල අද (11 දින ) පෙ.ව 9.00 මහනුව දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර යටතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ ගොවීන් හට වන්දි ප‍්‍රධානය කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතුල පශු සම්පත් සංවර්ධනල වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිණ.