නව ලොව තාක්ෂණ, සන්නිවේදන, අධ්‍යාපන, විද්‍යා, සාහිත්‍ය කලා, සංස්කෘතික මේ සෑම ක්ෂේත්රයකම ස්ත්‍රියගේ දායකත්වය කැපී පෙනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කාන්තාවට සම තත්ත්වය ලබා දී ඇය රාජ්‍ය පාලනය දක්වා ඔසවා තැබීම, සමාජ සංවර්ධනයේ ඉහළ අවස්ථාවක් බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සිය ජාත්‍යන්තර කාන්තා දින පණිවිඩයෙන් කියා සිටී.
කාන්තාව හා පිරිමින් යන දෙපාර්ශවයටම එනම් සෑම මනුෂ්‍යයෙකුට ම තම ජිවිතයේ දී තත්ත්ව ගණනාවක් හිමිවේ.පිරිමියා පුතකුගේ තත්ත්වය ලබන විට කාන්තාව දියණියගේ තත්ත්වය ලබයි. පිරිමියා ශිෂ්‍යයෙකු වන විට කාන්තාව ශිෂ්‍යාව වන්නී ය. පියා - මව, ගුරුවරයා - ගුරුවරිය, නායකයා - නායිකාව වෛද්‍යවරයා - වෛද්‍යවරිය ආදී වශයෙන් ද බෙදෙන්නේ මෙම තත්ත්වයන් ය.
යල කන්නයේ සිට නාඩු වී කිලෝවක් රුපියල් 40 ලෙසද සම්බා වී කිලෝවක් 43 දක්වා ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා බස්නාහිර පළාත් ගොවිජන අබිමන් සම්මාන උළෙලට එක්වෙමින් පැවසීය.