විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන බෝග නිෂ්පාදනයට අවධානය යොමු කර තිබෙන බවත් එම බෝග වර්ග ගොවීන්ට හඳුන්වදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
ජාත්‍යන්තර විනිසුරන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට කිසිදු එකඟතාවයක් ඇති කරගෙන නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මෙතෙක් පැවති කිසිදු රජයක් නොකළ අන්දමේ විශාල වැටුප් වැඩි වීමක් රජයේ සේවකයන්ට ලබා දුන්නේ මේ රජය බවත් ,2015 දී රු.10000 කින් වැටුප් වැඩි කිරීම නිසා මේ වන විට රජයේ සේවක වැටුප් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි .
ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුදයක් නොව ආර්ථිකය හමුවේ ඇති අභියෝග පමණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.