මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබේ. ඒ අනුව ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රකාශ කරයි.
''සුහුරු කතක් - සොදුරු ලොවක්'' තේමාව යටතේ අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ දී අද (08) සංවිධානය කර තිබූ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර මහතා අද (8) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණ රාජකාරි ආරම්භ කළේ ය.
රජයට කුමන අපහසුකම් තිබුණත් රජයේ සේවකයන්ට සළකා තිබෙන බවත් රජයේ සේවකයා වෙනුවෙන් වැඩියෙන් ම වැඩ කළේ වත්මන් ආණ්ඩුව බවත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩර මහතා පවසයි.