අල්ලස් හා දූෂණ වැළැක්වීම සදහාවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සදහා ජාතික අධිකාරියක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමති මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
දිවයිනේ පළාත් 9 ආවරණයවන පරිදි විවිධ ප්‍රමාණයේ පාලම් 175ක් ඉදි කිරීමට රජය තීරණය කොට ඇත.