පොදු ව්‍යාපාර කාරක සභාවට හා රජ්‍ය ගිණුම් කාරක සභාවට ජනමාධ්‍යවේදීන්ට නිරීක්ෂණ මට්ටමින් සහභාගීවීමට අවස්ථාව සළසා දෙන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
කිරි පිටි සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සිදු කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින බව කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
පසුගිය වසර තුනක කාලය තුළ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳීමට රජය පියවර ගත් බවත් එල්.ටී.ටී.ඊ ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිලධාරින්ට හිමි සහන කඩිනමින් ලබාදීමට ක්‍රියාකර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
සිංහරාජ ලෝක උරුම කලාපයට ප්‍රවේශවීමට තිබෙන මාර්ගය පිළිසකර කිරීමෙන් කිසිදු පරිසර හානියක් සිදු නොවන බවත් මෙම මාර්ගය කිසිදු පළල් කිරීමක් සිදු නොකරන බවත් මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.