ශ්‍රී ලාංකීය ගොවි ජනතාව නෙලා ගත් මහ කන්නයේ අස්වැන්නෙහි අග්‍රඵලය බුදුන් වහන්සේ වෙත පූජා කිරීමේ ඓතිහාසික උත්සවය “අලුත් සහල් මංගල්‍යය” 2019 අප්‍රේල් මස 06 සහ 07 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසී ය.
මාතලේ අධ්‍යාපන කලාපය තුල සේවය කරන ගුරුවර ගුරුවරියන් ඇගැයීමේ ගුරු අභිමානි ප්‍රණාම උළෙල තුන්වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව මාතලේ කාලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින් එස් යාපා මහතා පැවසීය.
2019 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සම්බන්ධව ඉදිරිපත් වූ විරෝධතා පරීක්ෂා කර විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව අභියාචනා කමිටුවේ නිර්දේශ සහිත වාර්තාව ඊයේ (06) දින ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාර දෙන ලදි.
රයිගම්පුර හරිත කර්මාන්තපුරය හා තාක්ෂණික සංවර්ධන අධිකලාපයට මුල්ගල තැබීම අද (7) පෙ.ව.9.00 ට සිදු කිරීමට නියමිතය.