2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට උපදෙස් ලබා දී තිබේ.
රේගු දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදූ වී ඇති දූෂණ පිළිබඳව සොයා බලා පරීක්ෂණ පැවැත්වීමට විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවත් පත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
''මත්ද්‍රව්‍ය වරදකරුවන් වෙනුවෙන් දැනට තිබෙන වාර්තා පදනම් කරගෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඉදිරි මාසයක් දෙකක් කාලයක් තුළ, එය ස්ථීර වශයෙන් ම ක්‍රියාත්මක කරන්න තීරණයක් ගෙන තිබෙනවා. විනයක් ඇති රටක් හදන්න, මානව හිමිකම් සංවිධාන මේ බරපතල වැරදි කරන අයට දෙන දඬුවම් සීමා කරන්න, ඒවාට මානව හිමිකම් ඉස්සරහට දාන්න එපා කියන ඉල්ලීම කරනවා ''යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසී ය.
වරදකරුවන් භාර දීමේ පනත යටතේ නියමය සහ ණය සහනදායක ආඥාපනත යටතේ නියෝගයක් අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.