ජනාධිපතිතුමන් විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමකට අනුව ලද ජල බවුසර් රථ 90 ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්රදානය කිරීම රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (5) සිදු විය.
මරණ දඬුවම සම්බන්ධ කිසිදු ලිපිගොනුවක් අස්ථානගතවී නැතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (5) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
දුෂණ, වංචා සහ කොමිස් නතර කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඇති කළ යුතු බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
71 වන ජාතික දින උත්සවයට සමගාමීව ලංකාවේ විශාලතම ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ අභිමානවත් ජාතික දින උළෙලක් පසුගිය දා පැවැත්විණී.