ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය ආනයනය, නීති විරෝධී ගණුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා ජී.එස්.පී.තාක්ෂණය හඳුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුවෙහි අධ්යක්ෂ ජනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාට පැවසීය.
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා ඊයේ (8) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.
දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ,ග්රාමශක්ති, ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ මඩකලපුව, මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.
ඡායාරූප ශිල්පියෙකු, සිනමා තිර රචකයෙකු, සහාය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම සිනමා මාධ්‍යවේදියෙකු ද වන රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු හෙට (08) දින නැදිමාල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.