කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 335 ක මුදලක් අනුමත කොට ඇත.
පාසල් දරුවන්ට නොමිලේ සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඇතිවී තිබෙන ගැටළුකාරි තත්වයන් හේතුකොටගෙන තිබීම නිසා එය යථා තත්වයට පත්කිරිම සඳහා වර්තමාන කෘෂිකර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා එම මධ්‍යස්ථානය ප්‍රතිව්‍යුහගත කිරිමට තීරණය කර ඇත.