මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ග්‍රාමීය මට්ටමින් සිටින පාරම්පරික කලාකරුවන්ගේ දැනුම සහ කුසලතාවයන් ඔවුන්ගේ ජීවන ගමන නිමා වීමත් සමග අවසන් වීමට ඉඩ නොතබා මතු පරපුර වෙත දායාද කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.
තේ නැවත වගා කිරිමට සඳහා තේ වගාකරුවන්ට දැනට ලබාදෙන හෙක්ටයාරයකට රුපියල් පන්ලක්ෂය බැගින් වන සහනාධාරය රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරිමටත්,නැවත වගා කරන තේ ඉඩම් ප්‍රමාණ වසරකට හෙක්ටයාර් 1000 බැගින් ඉදිරි වසර පහේ දි හෙක්ටයාර් 5000ක් දක්වා ඉහළ නැංවිමටත්, ශ්‍රි ලංකා තේ මණ්ඩලය කටයුතු කරගෙන යයි.