කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති පිළිබද මහජනතාවට තොරතුරු පහසුවෙන් දැනගැනීම සදහා තොරතුරු කාර්යාල වීවෘත කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ. පෙරේරා මහතා අදාළ ව්‍යාපෘති භාර නිලධාරින්ට දැනුම් දුන්නේය.
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) ප.ව 4.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත් වේ.
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂඥ කමිටුව සිය කමිටු වාර්තාව ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ මැදිහත්වීමක් සිදුකරනවිට ඒ සඳහා නීති රෙගුලාසි සහ චක්‍ර ලේඛ මගින් ගත හැකි ක්‍රියාමාර්ගවලට වඩා බලවත් මැදිහත්වීමක් නිවැරදි සමාජ දැනුවත් කිරීම් හරහා සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.