පාර්ලිමේන්තුවේ විපක්ෂනායක, හිටපු ජනාධිපති, පාර්ලිමින්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලයේ දී නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේ ය.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
සේනා දළඹු ව්‍යාප්තිය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වූ බවත් දැනටමත් ගොවීන්ට සහන ලබාදීමට තීරණ ගණනාවක් මේ වන විට ගෙන තිබෙන බවත් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තුවේ දී 2018 නොවැම්බර් 14 ,15, 18 ඇති වූ සිද්ධින් පිළිබදව සොයා බලා වාර්තා කිරීම පිණිස කතානායකවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද (22) කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දෙන ලදී.