කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඩලීම සදහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.
සේනා දළඹුවාගෙන් වගාවන්ට සිදු වූ හානි සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම සහ උපදෙස් මත මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ දෙවන දිනය අදයි.
පොස්ටර්වලින් තොර නගරයක් බිහි කිරිමේ අරමුණින් මහනුවර නගරය පිරිසිදු කිරිමේ දෙවැනි පියවර ජනවාරි (29) වන දින ක්‍රියාත්මක කරන බව මහනුවර මහනගර සභාවේ ඝනඅපද්‍රව්‍ය කළමනාකරණය අංශයේ යාන්ත්‍රික ඉංජිනේරු නාමල් දිසානායක මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.