කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන “Food 2018” ජාතික ආහාර සැණකෙළිය adha දින (07) කොළඹ Green path හිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
ජාත්‍යන්තර ආබාධිත දින සැමරුම් උළෙල හා ස්වශක්ති අභිමාණී - 2018 ගම්පහ දිස්ත්‍රික් ඇගයීම් උළෙල ඊයේ (06) පෙරවරු 9.00 සිට ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
උතුරු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 67 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,635,000.00ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
වසර 2019 සඳහා ජනමාධ්‍ය දුරකතන නාමාවලිය යාවත්කාලීන කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.