දිවයින පුරා වානේ පාලම් 250 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1 ක මූල්‍ය සහාය ලබාදීමට නෙදර්ලන්තයේ රබෝබැංකුව එකඟවි ඇත.
ලංකා වැසි ජල රැස්කරන්නන්ගේ සංසදය හා නගර සැලසුම් ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන(IWMI)එක්ව සංවිධානය කරනු ලබන වැසි ජලය රැස්කිරීම තුළින් ජලසුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය අද 28 හෙට 29 යන දිනයන්හි පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන(IWMI) ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගයට අදාළව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.