දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට, මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිරපළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බව අද (17) අළුයම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි
ලෝක දිවවැඩියා දිනයට සමගමීව අක්ෂි සාහයනයක් පවැත්වීමට ජාතික අක්ෂි රෝහල කටයුතු සූදානම් කොට ඇත.
2018 යල කන්නයේ කීඩෑ උවදුර නිසා වගා හානියට පත් ගොවීන්ට බිත්තර වී සහනාධාර වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ජාතික ආහාර ප්‍රවර්ධන ව්‍යාපෘතියේ එකඟත්වය පළ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කළ ඉඩම් මුදාහැරීමේ අඛණ්ඩ ක්‍රියාදාමයට සමගාමීව මුන්ඩිමුරිප්පු රක්‍ෂිත ප්‍රදේශයේ අක්කර 56.8 භූමි ප්‍රමාණයක් බදාදා (14) දින මුදාහැරීමට අවශ්‍ය පියවර ගත්තේ ය.