මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට එල්ල වූ තර්ජන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී (19) ප්‍රකාශ කළේය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත,මැතිවරණය ඉලක්ක කරගෙන ගෙනා නීතියක් නොවන බවත් මෙමගින් ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් වීම මිස හීනවීමක් සිදු නොවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ප්‍රකාශ කළේය.
ආදිවාසින්ගේ ගැටළු විසඳීම සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුව ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහතික විය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් ඉදිරියේ පැවැත්වීමට නියමිත පලාත් පාලන ඡන්ද විමසීමට කිසිදු බලපෑමක් එල්ල නොවන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ප්‍රකාශ කළේය.