ලබන වසරේ සිට ඉංග්‍රිසි භාෂාව භාවිතය පළමු වසරේ සිට පටන් ගැනීමට සියල්ල සූදානම් කර ඇති බවත්, පළමු ශ්‍රේණිය ඉගැන්වීමට ගුරුවරු දහතුන් දහසක් මාස තුනක් තුළ පුහුණුකර අවසන් කරන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
දැනට ක්‍රියාත්මක සෙස් බද්ද හේතුවෙන් මිළ ඉහළ ගිය පාසල් උපකරණ සම්බන්ධයෙන් සෙස් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවත්, ඉහළ ගොස් ඇති මිල පහළ දැමීම සඳහා පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
එළැඹෙන 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් දිවයිනේ හොඳම උසස් පෙළ ප්‍රතිඵල ලබාගත් 75 දෙනෙකුට ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
වෘත්තිය පුහුණු අධිකාරිය සමඟ එක්ව NVQ සිව්වැනි මට්ටම හෝ ඊට ඉහළින් ඇති මට්ටම් රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය සමඟ එක්ව ක්‍රමාණුකූලව පවත්වාගෙන යාමටත්, ඒ අනුව තරුණ තරුණියන් ලක්ෂයක් ලබන වසර වන විට වෘත්තිය පුහුණුව ලැබුවන් බවට පත් කිරීමටත් පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.