ධීවර ජනතාවට සහ ඔවුන්ගේ පවුල් වලට, වැඩි ප්‍රතිලාභ ලබා දිය හැකි ධීවර රක්ෂණ ක්‍රමයක් පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් එළඹෙන ජාත්‍යන්තර ධීවර දිනය නිමිත්තෙන් මෙම රක්ෂණ ක්‍රමය එළි දැක්වීමට බලාපොරොත්ුත වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද(07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තමන් සභාවේ නොමැති මොහොතේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන්නැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(07) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
විදෙස් රටවල් තමන්ගේ ජාතික ප්‍රතිපත්තිය අනුව ඡන්ද දීමේ දී යම් යම් ස්ථාවරයන් අනුගමනය කළ බවත් නමුත් එම රටවල් සමග පවතින මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රට මෙම අවස්ථාවේ පවතින අසීරු අවස්ථාවෙන් ගොඩ ආ යුතු බවද රටේ ස්ථාවරභාවයක් පැවතිය යුතු බවද, එම ස්ථාවරභාවය ඇති කිරීමට නම් නිවැරදි තොරතුරු ලබාදිය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.