උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට
උතුරු ප්‍රදේශය තුල ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම, ජීවිතාරක්ෂක ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම සහ නාවික හමුදාව හා උතුරු ප්‍රදේශයේ ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ඩ්‍රැගන් බෝට්ටු (Dragon Boats) තරඟාවලියක් 2022 ජුලි මස 04 වන දින යාපනය කරෛයිනගර් ආශ්‍රිත මුහුදේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිළිබඳ සොයා බලන බවත් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
මෙවර යළ කන්නයේ සහ එළඹෙන මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවිමණ්ඩලය මඟින් කටයුතු කරන බවත් හිඟයකින් තොරව පරිභෝජනයට අවශ්‍ය සහල් ලබාදීම සඳහා රජය විසින් විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවකෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.