ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ 2022 ජනවාරි සිට මේ දන්වා 2105 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබාදෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා සියලුම ගොවි සංවිධාන දැනට තෝරාගෙන සිටින ගොවීන්ගේ නාම ලේඛනය පරිදි අදාළ මුදල් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගෙවිය යුතු අතර මීට අදාළ තොරතුරු ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ( www.agrariandept.gov.lk) ඇතුළත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දෙයි.
පෙර පාසල් ගුරුවරුන් සදහා ජීවන කුසළතා පුහුණුවක් ලබාදීමට ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයෙන් ජාතික යොවුන් සේනාංකය කටයුතු කර තිබේ.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙම මස 07 දින කෝප් කමිටුවට කැඳවීමට ද කෝප් කමිටුව තීරණය කර තිබේ.