පළාත් පාලන ආයතනවල අනියම් හා කොන්ත්‍රාත් සේවකයන්ගේ සේවා කාලය 06මාසයෙන් 06 මාසයට දිගු කිරීමට, අමාත්‍ය මණ්ඩල එකඟතාවය මත උපදේශයක් ලබා දී ඇතැයි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 04 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව කරන ලද නියමයට අදාළ ප්‍රකාශනය ලබන 06 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කෙරේ.