ආහාර හිඟයට සූදානම් වෙමින් රට පුරා දැවැන්ත වගා සංග්‍රාමයක් ඇරඹූ බවත් ඒ සඳහා ගත් තීරණ කිහිපයකට ඊයේ දිනයේ දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක,කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.
මෙතෙක් කල් ජනතාවගේ සිතේ විවිධ අවිශ්වාස ගොඩ නගමින් තිබූ බවත් එය මිත්‍යාවක් බව පසක් කරමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරමින් නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ බව 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය
ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස වසර ගණනාවක් පුරා නාම පුවරුවට සීමා වී තිබූ පලාලි ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් සේවා ජූලි 01 දා සිට අරඹන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පලාලි ගුවන් තොටුපොළ බලධාරීන්ට හා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට උපදෙස් දුන්නේය.
පළාතේ සෑම රාජ්‍ය ආයතනයකම ආදර්ශ ගෙවත්තක් ඇති කිරීම සදහා ගත් තිරණය යථාර්ථවත් කිරීම සදහා ත්‍රිකුණාමලය පිහිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාල ගෙවත්තේ අළුතින් එළවළු පැළ සිටුවිම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.