ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට ගුවන්ටිකට්පත් හා ලියකියවිලි ප්‍රදානය කෙරේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ලියකියවිලි ප්‍රදානය කිරීම ඊයේ (27) සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ (27) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහිත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන දිවයින පුරා ඉදිකිරීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් බදුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී 2022 අප්‍රේල් මස 27 වන දින කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් පැවැත්වීමට කටයුතු කර ඇති වැඩ වර්ජනයට දුම්රිය, ශ්‍රීලංගම සේවක වෘත්තීය සමිතින් එක් නොවන බවත් පෞද්ගලික බස් රථ සේවාව ද මෙම වැඩ වර්ජන ක්‍රියාවලියට සහභාගී නොවන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.