රෙදි පිළි කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ වැට් බද්ද සියයට 5% දක්වා අඩු කෙරේ.
පලාලි ගුවන් තොටුපල දියුණු කිරීමට කටයුතු කරන බවත් එය හෝ වෙනත් ගුවන් තොටුපලක් වෙනත් කිසිදු රටකට ලබාදීමට කටයුතු නොකරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට කර තිබෙන හෙළිදරව්ව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවත් මූලික පරීක්ෂණ සිදු කර පොලිස් කොමිෂමට වර්තා කරන බවත් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය
ලෝක තෙල් මිල අඩු වුණොත් එහි වාසිය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසී ය