" ළඟම පාසල හොඳම පාසල'' වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 13087ක් බවත් මේ වනවිට අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 9101ක් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කර ඇත. පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙහෙයුම් මැදිරිය අද (18) පෙරවරු 6.00ට ආරම්භ වී නැවත දැනුම් දෙන තුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.