රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන හෙට (5) පෙ.ව.10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පවසයි.
මැදපෙරදිගට පමණක් සීමා වී තිබූ විදේශ රැකියා ක්ෂේත්‍ර අනෙකුත් රටවලින් ලබාගැනීමේ ක්‍රියාමර්ග අනුගමනය කර තිබෙන බවත් මේ වනවිට මෙම වැඩපිළිවෙල සාර්ථක වී තිබෙන බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ජන්ම දිනය වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිරි වෙහෙර සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
රසායනික පොහොර භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරනු ලබන සහල් පරිභොජනය සඳහා වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතී. එම නිසා කාබනික වී වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කාබනික වී ගොවීන් සඳහා කාබනික පොහොර සහනාධාර මුදල 2018 යල කන්නයටත් ලබා දීමට තීරණය කරයි වී ගොවීන් සඳහා පොහොර සහනාධාර වශයෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගනු ලැබීය.